Saturday, May 4, 2024

General line - 0115112241

හමුදාව මහ රෑ කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය වටලයි..තත්ත්වය දැඩි නොසන්සුන් (PHOTO)




කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය අසළ මේවනවිට ආරක්ෂක අංශ නිලධාරීන් රැසක් එක්ව සිටිනු දක්නට ලැබෙන බව වාර්තා වනවා.

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් ඊයේ (25) මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට ද රජය සුදානමින් සිටියා.

රජයේ මුද්‍රණාලය සඳහන් කළේ  අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්තුමාගේ අත්සනින්  ලැබී තිබූ බවයි.
මේ යටතේ ඛනිජ තෙල් ගොඩබෑම ද අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්වනු ඇති.


තෙල් බෙදාහැරීම් කටයුතු සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව සීමාවට යුධ හමුදාව ඇතුල් වීමට උත්සාහ දරමින් සිටින අතර  ගේට්ටු වසා දමා සේවකයින් නොසන්සුන් ලෙස හැසිරෙන බවයි වාර්තා වන්නේ.