Sunday, May 5, 2024

General line - 0115112241

රට සල්ලි අරන් රට පනින්න හැදූ අයෙක් 1,35,00,000 සමග මාට්ටු




විදෙස් මුදල් තොගයක් රටින් බැහැරට ගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රේගු නිලධාරීන් විසින්. සැකකරු සතුව තිබී රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂ හැත්තෑදහසක් වටිනා මුදල් සොයා ගැණුනා.

ස්විස් ප‍්‍රෑන්ක්, යුරෝ සහ නෝර්වේ ක්‍රෝනර් තොගයක් ඒ අතර වූ බවයි කටුනායක ගුවන් තොටුපල නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. සැකකරු එම මුදල් තොගය සිංගප්පූරුවට රැගෙන යාමට උත්සහ දරා ඇති බව අනාවරණය වී තිබෙනවා. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කළ ගුවන් තොටුපල රේගුව අදාළ විදේශ මුදල් තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් ලක්ෂ 03ක දඩයක් නියම කර තිබෙනවා.