උතුරු කොරියාව විසින් බැලස්ටික් වර්ගයේ මිසයිල 03 ක් අත්හදා බලා ඇතැයි අමෙරිකාව සහ දකුණු කොරියාව පවසනවා.
මිසයිල අත්හදා බැලීම් සිදු කර ඇත්තේ උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළදිග ප්රදේශයේදීයි.
අමෙරිකානු දත්තවලට අනුව මිසයිල දෙකක් කෙටි දුර වර්ගයේ මිසයිල වනවා. අනෙක් මිසයිලය මධ්‍ය දුර වර්ගයේ මිසයිලයක් බවයි අමෙරිකානු බලධාරීන් පවසන්නේ.