Saturday, May 4, 2024

General line - 0115112241

"හෙට දිනක පෙර දැක්ම" අවසන් දිනය අද




"හෙට දිනක පෙර දැක්ම" මේ වන විට මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් සහ ත්‍රිවිධ හමුදා ප්‍රදර්ශන කුටි රැසක් මෙහිදී දැකගත හැකියි.

නව නිපැයුම් සහ නව තාක්ෂණය උපයෝගී කරගත් නිර්මාණයන් රැසක් මෙහි ඇතුළත් වන අතර අද (30) මෙම ප්‍රදර්ශනයේ අවසන් දිනයයි.

මෙම ප්‍රදර්ශනයේදී ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරන කාර්යයන් පිළිබඳව ජනතාවට මනා අවබෝධයක් ලබා ගත හැකි බවත් සඳහන්. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියේ 40 වසර සම්පූර්ණවීම නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා. 

මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා ඊයේ (29) දිනයේදී ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් රඛිත රාජපක්ෂ ඇතුලු පිරිසක්ද සහභාගී වුණා.

පාසල් සිසුන් රැසක් මෙම නව නිපැයුම් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ජාතික තරුණ සේවා පරිශ්‍රය වෙත පැමිණෙමින් සිටිනවා.