Tuesday, April 30, 2024

General line - 0115112241

ඛණිජ තෙල් සේවකයෝ යළිත් නොසන්සුන්




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තමන්ව නොමග යවා ඇති බවට සැකයක් මතුවන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

එහි සම කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා සඳහන් කළේ පවතින ගැටලූකාරී තත්ත්වය සම්බන්ධයෙන් ලබන පළමු වැනිදා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

එහෙත් මේ වන විට හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන ගිවිසුමටද අත්සන් තබා තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එම නිසා මෙම සැකය මතු වන බවත් ඒ බව දන්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බවත් ඩී.ජේ. රාජකරුණා පැවසුවා.

අත්සන් කරන ලද ගිවිසුමද තම සංගමය මෙතෙක් දැක නැති බවද සඳහන් කළා. 

කෙසේවෙතත් පළමු වැනිදාට නියමිත සාකච්ඡාව අවලංගු වී ඇතිද යන්න පිළිබඳවත් දැඩි අවධානයකින් පසුවෙන බව පෙන්වා දෙන ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගන්නා බවද පැහැදිළි කළා.

පසුගිය දා ඇති වූ ඛණිජ තෙල් සේවක වර්ජනයෙන් රට පුරා ජනතාව පීඩාවට පත් වුණා.