කටුනායක - කොළඹ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ, කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇතුළු කර, මගී සේවා පවත්වා ගෙන යාමට අද සිට අවසර ලබා දී තිබෙනවා.
කටුනායක සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා මෙතෙක් මෙම බස් රථ වල ගමනාන්තය කටුනායක, ඇවරිවත්ත නගරය වූ බවයි.
බස් රථ මගින් ගුවන් තොටුපොළ වෙත පැමිණෙන විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය ගුවන් මගීන් සහ ඔවුන් සමග පැමිණෙන අනෙකුත් පුද්ගලයන්, කිලෝ මීටරයකට අධික දුරක්, තම ගමන් මලු සහ අනෙකුත් බඩුබාහිරාදිය සමග ගුවන් තොටුපොළ වෙත පැමිණීමට සිදුවුණා.