Saturday, May 4, 2024

General line - 0115112241

කුඩු විකුණන තැන් වස්සවන රට වටේ යන තරුණ කැරැල්ලක් 




මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට එරෙහිව ජාතික බළමුළුවක් ලෙස ගමට යාමට ජාතික තරුණ සේවා සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර තරුණ දින සැමරුමට සමගාමීව අගෝස්තු මස 12 වන දින 'මතින් තොර රටක් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන' ආරම්භ කරන බවයි  ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ පවසන්නේ.

ඒ සඳහා කලාකරුවන්ගේ  සහයෝගය ලබා ගැනීමේ අරමුණින් සංවිධානය කළ වැඩසටහක් තලවතුගොඩ දී පැවැත්වූ අතර  කුඩු විකුණන තැන් වස්සන තරුණ කැරැල්ලක් බවට මෙය පත්වනු ඇති බවයි කලාකරුවන් එහිදී කියා සිටියේ.

මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන ඉවත් කරවීම මෙහි එකම අරමුණ බවයි එහිදී සඳහන් වුණේ.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.