Saturday, May 18, 2024

General line - 0115112241

දිනේෂ්, වාසු, බිමල් ඇතුළු මන්ත‍්‍රීවරුන් රැසකුත් සයිටම් විරෝධී පාගමනට එක් වෙයි (PHOTOS)




මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඉකුත් 31 වැනි දා මහනුවරින් ආරම්භ කළ පාගමන මේ වනවිට කොළඹ කොටුව දුම්රියපොළ ආසන්නයේ රැස්ව සිටිනවා.

මෙම අවස්ථාවට දිනේෂ් ගුණවර්ධන, බිමල් රත්නායක හා වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් ඇතුළු තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම එක්ව සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.

 

 

-------------------------------------------

සයිටම් විරෝධීන් කොටුව දුම්රියපොළ ඉදිරිපිටට රැස් වෙයි (PHOTOS) (04-08-2017- 17:18)

සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් මෙහෙයවනු ලබන පාගමන මේ වන විට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට ළඟා වී තිබෙනවා.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන  ජන රැළිය පවත්වන වේදිකාව කොටුව දුම්රිය නැවතුම්පළ ඉදිරිපිට මාර්ගයේ එක් තීරුවක ඉදිකරමින් පවතිනවා.

දේශපාලන පක්ෂ නියෝජිතයෝ, සිවිල් සංවිධාන නියෝජතයෝ සහ විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක් විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටයා.

 

 

--------------------------------------------

සයිටම් ගමනට අධිකරණයෙන් නියෝගයක් (04-08-2017 12:01)

සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ  පාගමනට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝගයක් නිකුත් කළා.

ඒ,වාහන තහනමකට හෝ මහජන ව්‍යාපාරවලට බාධා කිරීම හෝ රජයේ කාර්යාල වෙත ඇතුළු වීම තහනම් කරමින්.


සයිටම් විරෝධි මෙම පාගමන පසුගිය  31 වනදා මහනුවරින් ආරම්භ කළ අතර  පාගමන අවසන් කර ජන රැළිය පවත්වන ස්ථානය ප්‍රසිද්ධ නොකරන බවයි වාර්තා වන්නේ.

මේ වනවිට පෑලියගොඩ වෙත පාගමන පැමිණෙමින් සිටින අයුරු පහතින් දැක්වෙනවා.

ඡායාරූප -සජිත් තිලකරත්න