Saturday, May 18, 2024

General line - 0115112241

ෆුල් ෆේස් තහනම් කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට හේතුව හෙළි වෙයි 




සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන හිස් වැසුම් හේවත් ෆුල් ෆේස් හේල්මන්ට් භාවිතය තහනම් කිරීමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද (04) එම පෙත්සම්කරුවන් විසින් ඉල්ලා අස්කර ගත්තා. 

මීට පෙර අවස්ථාවක පොලිස්පතිවරයා විසින් චක‍්‍රලේඛණයක් මගින් පුල් ෆේස් හෙල්මන්ට් භාවිතය තහනම් කිරීමට කටයුතු කළා. 

එය අභියෝගයට ලක්කරමින් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. 

මේ වනවිට රජය මගින් නිසි ප‍්‍රමිතියකින් යුත් ෆුල් ෆේස් හේල්මන්ට් භාවිතා කිරීමට හැකි ආකාරයට නව රෙගුලාසි සම්පාදනය කර ඇති බැවින් අදාල පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවයි පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයට දන්වා තිබුණේ.