Saturday, May 18, 2024

General line - 0115112241

කොළඹ සිට මන්නාරම බලා ධාවනය වන දුම්රියේ බස් රථයක් ගැටෙයි (PHOTOS)




 සෙට්ටිකුලම, මැණික්ෆාම් ප‍්‍රදේශයේ දී කොළඹ සිට මන්නාරම බලා ධාවනය වන දුම්රියේ, බස් රථයක් ගැටීමෙන් පුද්ගලයින් දොලොස් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. 

අනතුර සිදුව ඇත්තේ මැණික්ෆාම් පළමු හරස්වීදිය ප‍්‍රදේශයේ පවතින දුම්රිය හරස් මාර්ගයේ දී අද (04) පස්වරුවේයි. 

තුවාල ලැබූ පුද්ගලයින් සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

බස් රථයේ රියදුරුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.