Saturday, May 18, 2024

General line - 0115112241

රවීගේ විශ්වාසභංගයට කල් වැඩියි - ශ‍්‍රීලනිපයෙන් ප‍්‍රකාශයක්




අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආයුතු වුවත් එය මේ මොහොතේ ගෙන ඒම සුදුසු නොවන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පවසනවා. 

එහි සභාපති ශාන්ත බණ්ඩාර එම පක්ෂ මූලස්ථානයේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා. 

කැම්බල්පිටියේ දී පැවැත්වෙන සිය පක්ෂයේ 66 වන සංවත්සරයේ දී විශේෂ තීරණ කිහිපයකට එළඹෙනු ඇතැයි ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපතිවරයා මෙහි දී කියා සිටියා.