Saturday, May 18, 2024

General line - 0115112241

හම්බෙගමුවේ ඇතාත් අද මරු දුටු අවස්ථාව  (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




උඩවලව ජාතික උද්‍යානයේ සිටින "ගොමගල ඇතා" හෙවත් හම්බෙගමුවේ ඇතා දැඩි රෝගාතුර තත්වයේ සිටියදී, වනජීවී පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන අතරතුර අද (04) සවස මියගොස් තිබෙනවා.

උඩවලව ජාතික වනෝද්‍යාන මායිමේ හම්බෙගමුව ප්‍රදේශයට මායිම්ව පිහිටා තිබෙන රතඹලා වැව ඉස්මත්තේදී රෝගාතුරව අසාධ්‍ය තත්වයේ සිටියදී ඊයේ උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය විජිත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් ඇතාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා . 

ප්‍රතිකාර කරන විටත් ඇතා අසාධ්‍ය තත්වයේ පසු වූ බවයි පශු වෛද්‍ය විජිත පෙරේරා සඳහන් කළේ. 

එමෙන්ම ඇතාගේ ශරීරයේ ස්ථාන කිහිපයක වෙඩි සලකුණු පහකට අධික ප්‍රමාණයක් හා කැපුම් තුවාල තිබූ බවත් එම තුවාල දැඩි ආසාදන මට්ටමේ තිබූ බවත් එම නිසා ඇතාගේ ජීවිතය  දැඩි අවධානමකට ලක්ව තිබු බවයි පශු වෛද්‍ය විජිත පෙරේරා සඳහන් කළේ.

උඩවලව ජාතික උද්‍යානයේ හා හම්බෙගමුව අවට කැළෑ  ප්‍රදේශයන් තුල ජීවත් වූ මෙම ඇතා මිය යන විට වයස අවුරුදු 40 ක් පමණ වූ බව වනජීවී නිලධාරින් පවසනවා.

මෙම ඇතා රුහුණේ දක්නට ලැබුණු විශාල දළ ඇතකු බවයි වනජීවී නිලධාරින් පෙන්වා දෙන්නේ.

2011 වසරේ ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද සංගණනයට අනුව මෙරට සමස්ත ඇත් ග්‍රහණය 120ක් පමණ වනවා. ඒ අතර රුහුණු ගැටවු නැමති ඇත් විශේෂයට අයිති ඇතුන් දක්නට ඇත්තේ 12ක් පමණ බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.