Saturday, May 18, 2024

General line - 0115112241

 පුවත්පත් අලවි නියෝජිතයා බම්බලපිටියේදී දුම්රියේ ගැටී මරුට 

අයි එදිරිසිංහ




අතුරුගිරිය නගරයේ පුවත්පත් අලවි නියෝජිතයෙකු බම්බලපිටිය ප්‍රදේශයේදී දුම්රියේ ගැටී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ අතුරුගිරිය සීවලී පටුමගේ අංක 49/8 නිවසේ පදිංචිව සිටි උපුල් ලක්ෂ්මන් කාරියවසම් නමැති 49 හැවිරිදි විවාහකයෙක්‌.

ඉකුත් දෙවෙනිදා රාත්‍රීයේ දුම්රිය මාර්ගය හරහා මාරුවීමට යාමේදී එහි ගැටීමෙන් පාද දෙකම බිදී ඇති අතර කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මොහු අතුරුගිරිය එක්සත් වෙළඳ සංගමයේ ආරම්භක පුරෝගාමියා වූ අතර එහි හිටපු සංවිධායකවරයාද වනවා.

මොහු අඳුනක් බැලීම සඳහා යන අතරතුරදී මෙම අනතුර සිදුව ඇත්තේ.