පල්ලෙබැද්ද සංඛපාල රජමහා විහාරස්ථානය වෙත අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද දවස පුරාම වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවුණා.
හෙට (11) දිනයේදීත් පල්ලෙබැද්ද සංඛපාල රජමහා විහාරස්ථානයේදී ධාතු නමස්කාරය සඳහා සැදැහැවතුන්ට අවස්ථාව සැළසෙනවා.
පල්ලෙබැද්ද සංඛපාල රාජමහා විහාරස්ථානයේදී නේත්රාභිවන්දනා ධාතු නමස්කාරය ඇරඹෙයි
-----------------------------------------------------------------------------------------------------
නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය මේ වන විට සැදැහැවතුන්ට වැදපුදා ගැනීමේ හැකියාව උදා කරමින් පල්ලෙබැද්ද සංඛපාල රජමහා විහාරස්ථානයට වැඩම කර තිබෙනවා.
ඒ අනුව අද (10) දිනයේදී සහ හෙට (11) දිනයේදී පල්ලෙබැද්ද සංඛපාල රජමහා විහාරස්ථානයේදී ධාතු නමස්කාරය සඳහා සැදැහැවතුන්ට අවස්ථාව සැළසෙනවා.
එළඹෙන 12 වැනිදා නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය බණ්ඩාරවෙලට වැඩම කරවීමටයි මේ වන විට සැළසුම් කර ඇත්තේ.
-----------------------------
නේත්රාභිවන්දනා ධාතු නමස්කාරය අද සංඛපාල රාජමහා විහාරස්ථානයට වැඩම කෙරේ (UPDATE)
(2017 - 08 - 10 06:30)
නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේදී සැදැහැවතුන්ට වැදපුදාගත හැකි ධාතුන් වහන්සේ පල්ලෙබැද්ද සංඛපාල රජමහා විහාරස්ථානයට අද (10) පෙරවරුවේ රැගෙන ඒම සදහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ, පිටබැද්දර, දංකොළුව දුමින්දාරාම විහාරස්ථානයේ සිටයි.
නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සඳහා ඓතිහාසික පල්ලෙබැද්ද සංඛපාල රජමහා විහාරස්ථානයේ සූදානම පිළිබද එම විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය කොකාවල කෝසල හිමියන් කරුණු පැහැදිලි කළා.
එහිදී උන්වහන්සේ සඳහන් කළේ අද දහවල් සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් අනතුරුව විහාරස්ථානයේදී නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සඳහා සැදැහැවතුන්ට අවස්ථාව උදා වන බවයි.
මේ අතර නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය හා බැතිසිතින් සම්බන්ධ වන සැදැහැවතුන් පරිසරයේ ආරක්ෂාව කෙරෙහිද වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් කරුණක් බව කොළඹිස්සේ ධම්මානන්ද හිමියන් පෙන්වා දුන්නා.
තති තනිව මෙන්ම සමූහයක් ලෙස ද ඊට දායක විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. උන්වහන්සේ මෙහි දී වැඩිදුරටත් සදහන් කළේ හැකි උපරිමය අයුරින් පරිසරය පිරිසිදු කිරීම බෞද්ධයින් සතු වගකීමක් වන බවයි.
----------------------------------------
නේත‍්‍රභිවන්දනා ධාතු නමස්කාරය හෙට සංඛපාල රාජමහා විහාරස්ථානයේදී (UPDATE)
(2017 08 10 19:02)
නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සඳහා පිටබැද්දර දංකොලූව ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයට සැදැහැවතුන් දස දහස් සංඛ්‍යාත පිරිසක් අද දිනයේද පැමිණියා. අද උදෑසන සිදු කෙරුණු කිරි ආහාර පූජාවෙන් පසු නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය නමස්කාර කිරීමට සැදැහැවතුන් සඳහා අවස්ථාව උදාවුණා.
අද මධ්‍යම රාත්‍රී දක්වා ධාතූන් වහන්සේලා පිටබැද්දර දංකොලූව ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේදී වැඳ පුදාගත හැකි අතර, හෙට උදෑසන කිරි ආහාර පූජාවෙන් පසු පෙරවරු 7.00ට පමණ ඇඹිළිපිටිය ඓතිහාසික සංඛපාල රාජමහා විහාරස්ථානයට වැඩමකරවීම ආරම්භ කරනවා.
හෙට දහවල් සම්බුද්ධ පූජාවෙන් පසු ඓතිහාසික සංඛපාල රාජමහා විහාරස්ථානයේදී නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය නමස්කාර කිරීමට සැදැහැවතුන් සඳහා අවස්ථාව උදාවනවා.
උදෑසන කිරි ආහාර පූජාවෙන් පසු අදත් නේත්රාභිවන්දනා මහාධාතු නමස්කාරයට අවස්ථාව සැළසේ
---------------------------------------------------------
නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ දී ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ දැක වැද පුදා ගැනීමෙන් පිං සිත් උපදවා ගත් බව සැදැහැවතුන් පවසනවා.
මේ වනවිට මෙම ධාතුන් වහන්සේ තැන්පත් කර තිබෙන්නේ පිටබැද්දර දංකොළුව ශ්‍රී දුමින්දාරාමයේයි.
නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ දී ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ වෙනුවෙන් විවිධ පූජාවන් ද පැවැත්වෙනවා.
පිටබැද්දර දංකොළුව ශ්‍රී දුමින්දාරාමයේ නවතම තොරතුරු ගෙන ආ නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සඳහන් කලේ "අද උදෑසන සිදු කෙරුණු කිරි ආහාර පූජාවෙන් පසු නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද (09) දිනයේ සැදැහැවතුන් සඳහා නමස්කාර කිරීමට අවස්ථාව සළසා දුන් බවයි." ඒ අනුව අද දිනයේ මධ්‍යම රාත්‍රිය දක්වා මෙම උතුම් පිං බිමේදී ධාතුන් වහන්සේ දැක වැද පුදා ගැනීමට අතිමහත් වූ සැදැහැවතුන්ට අවස්ථාව උදා වී තිබෙනවා.
මේ අතර සිය නායකත්ව ගුණාංග විදහා දැක්වීමට ද නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සැදැහැවතුන්ට අවස්ථාවක් කර ගත හැකි බව මහ සංඝරත්නය පවසනවා.
කාව්‍ය විශාරද පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන් කියා සිටියේ ධාතුන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන අබලතා සහිත තැනැත්තන්ට උදව් විය හැකි නම් එය ද මහා පිංකමක් බවයි.
තති තනිව මෙන්ම සිවිල් සංවිධානයක් හෝ දහම්පාසලක් වැනි සමූහක් ලෙස සංවිධානගතව ද උපස්ථාන සේවා මෙහෙයවිය හැකියි. ඒ සඳහා පහසුකම් සැපයීමට නෙත් එෆ් එම් රේඩියෝව සූදානමින් සිටිනවා.
----------------------------------------------
නේත්රාභිවන්දනා මහාධාතු නමස්කාරය පිටබැද්දර දුමින්දාරාම විහාරස්ථානයේදී (PHOTOS)
(2017 - 08 - 08 10:20)
නේත්රාභිවන්දනා මහාධාතු නමස්කාරයේදී සැදැහැවතුන්ගේ වන්දනා ලබන ධාතූන් වහන්සේ පිටබැද්දර, දංකොළුව, දුමින්දාරාම විහාරස්ථානය වෙත වැඩම කරවා තිබෙනවා.
වැඩම කෙරෙන ධාතූන් වහන්සේ පූජෝපහාර දක්වමින් පිටබැද්දර වැසියන් රැසක් රැස්ව සිටි බවයි වාර්තා වන්නේ.
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේද සැරියුත් හා මුගලන් අග්‍රශාවක මහරහතන් වහන්සේ, බක්කුල මහ රහතන් වහන්සේ සහ මලියදේව මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේ කිහිප නමකගේ ධාතූන් වහන්සේද නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේදී දැක වන්දනා කළ හැකියි.
.....................................................
නේත්රාභිවන්දනයට ධාතූන් වහන්සේ අද පිටබැද්දරට (UPDATE)
08-08-2017 06:27
නේත්රාභිවන්දනා මහාධාතු නමස්කාරයේදී සැදැහැවතුන්ගේ වන්දනා ලබන ධාතූන් වහන්සේ අද (08) පිටබැද්දර, දංකොළුව, දුමින්දාරාම විහාරස්ථානය වෙත වැඩම කෙරෙනවා.
පෙරවරු 10.00යේ සිට එම විහාරස්ථානයේදී ධාතූන් වහන්සේ වන්දනා කිරීමට සැදැහැවතුන්ට හැකියි.
මේ අතර වැඩම කෙරෙන ධාතූන් වහන්සේ පූජෝපහාර දක්වමින් ගෞරවයෙන් භාර ගැනීමට පිටබැද්දර වැසියන් මේ වනවිටත් ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින බව දංකොළුව දුමින්දාරාම විහාරාධිපති පූජ්‍ය රඹුකන ඥානානන්ද හිමියන් කියාසිටියා.
ධාතූන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය පහසුකම්ද සකස් කර තිබෙන බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ.
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේද සැරියුත් හා මුගලන් අග්‍රශාවක මහරහතන් වහන්සේ, බක්කුල මහ රහතන් වහන්සේ සහ මලියදේව මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේ කිහිප නමකගේ ධාතූන් වහන්සේද නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේදී දැක වන්දනා කළ හැකියි.
ඉකුත් දින කිහිපයේදී බෙන්තර, ගලපාත රජමහා විහාරස්ථානයේදී සැදැහැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම ධාතූන් වහන්සේ දැක වන්දනා කළා.
මේ අතර ධාතුන් වහන්සේ වන්දනා කිරීමට පැමිණීමේදී තමන්ට අවශ්‍ය දෑ තමන් විසින්ම රැගෙන ඒමට උනන්දු වන්නැයි මහා සංඝ රත්නය සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ධාතූන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන සැදැහැවතුන්ට දානමය කුසලය වැඩීමටද අවස්ථාවක් තිබෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
හැකියාවක් තිබෙන තැනැත්තන්ට නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට සමගාමීව දන්සැල්ද සංවිධාන කළ හැකි බව මෙහිදී සිහිපත් කෙරුණා.
-----------------------------------------------------
නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය ගලපාත රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන අවසන් දිනය අද (07-08-2017 07:27)
නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය බෙන්තර ගලපාත රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන අවසන් දිනය අදයි.
බෙන්තර ගලපාත රජමහා විහාරස්ථානයේ දී ධාතු නමස්කාරය ආරම්භ කෙරුණේ ඉකුත් 05 වැනිදායි. ඒ විපත් උවදුරුවලින් රට ආරක්ෂා කර ආශිර්වාද සිදු කිරීමේ අරමුණින්.
ඉකුත් දින කිහිපයේදීම නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සමග සැදැහැවතුන් විශාල පිරිසක් සම්බන්ධ වුණා.
මේ අතර, ධාතූන් වහන්සේ නමස්කාරය සඳහා පැමිණෙන විට පූජා කිරීම සඳහා මල් මිටක් ද රැගෙන එන්නැයි සැදහැවතුන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.
ඒ සඳහා පිරිසිදු ස්ථානයක පිපුණු වර්ණවත් හා සුවඳවත් මල් වර්ග තෝරා ගන්නා ලෙසයි නෙත් එෆ් එම් රේඩියෝවේ පහන් කන්ද ආශිර්වාද පූාජව මෙහෙයවන පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් යෝජනා කර සිටියේ.
නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සිදු කෙරෙන විහාරස්ථාන ආශ්‍රිතව මල් දන්සැල් සංවිධාන කිරීමටද සැදහැවතුන්ට අවස්ථාව තිබෙන බව මෙහිදී සිහිපත් කෙරුණා.
මල් පූජාව යනු මහා ආනිශංස ලබා දෙන පිංකමක් බවද පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් පැහැදිලි කළා.
-----------------------------------
නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද දිනය පුරාත් (UPDATE)
(2017 / 08 / 06 06:40)
නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය බෙන්තර ගලපාත රජමහා විහාරස්ථානයේ දී අද (06) දිනයේදීත් සිදු කෙරෙනවා.
ඊයේ (05) දිනය පුරා දස දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් එම විහාරස්ථානයට පැමිණ නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට එක්වූ බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.
මෙලෙස ධාතුන් වහන්සේ දැක වැඳපුදා ගත් සැදැහැවතුන් ආපසු පිටව ගියේ
පිං සිත් උපදවා ගනිමින්.
ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ද, සැරියුත් හා මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ සහ මලියදේව මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේ කිහිප නමකගේ ධාතුන් වහන්සේ ද නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ දී දැක වැඳපුදා ගත හැකියි.
බෙන්තර ගලපාත රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය දෙනගම ධම්මසිරි හිමියන් සඳහන් කළේ ධාතුන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන විට ආචාරශීලිව පැමිණෙන ලෙස සියලු දෙනාගෙන් මහා සංඝරත්නය ඉල්ලා සිටින බවයි.
ධාතුන් වහන්සේ වන්දනා මාන කිරීම සඳහා පැමිණෙන වෙනත් අයෙකු සුදු ඇඳුමින් සැරසී නොසිටීම හෝ ආචාරශීලි නොවීම, ඔබද සුදු ඇඳුමින් සැරසී නොපැමිණීමට හෝ ආචාරශීලි නොවීමට හේතුවක් කර නොගන්නැයි ද මෙහිදී විශේෂයෙන් ඉල්ලීමක් කෙරුණා.
ඔබ නිවැරදිව හැසිරෙන්නේ නම් එය නිවැරදිව හැසිරීමට තවත් කෙනෙකුට කරන පෙළඹවීමක් ද විය හැකියි.
----------------------------------------
නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය බෙන්තර ගලපාතින් පසු පිටබැද්දරට (PHOTOS) (UPDATE)
(2017 / 08 / 05 18:21)
පිං රැස් කර ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදා කරමින් නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය බෙන්තර ගලපාත රජමහා විහාරස්ථානයේ දී මේ වනවිට සිදු කෙරෙනවා.
ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ, සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ සහ මලියදේව මහරහතන් වහන්සේ ඇතුළු තවත් මහරහතන් වහන්සේ කිහිප නමකගේ ධාතුන් වහන්සේ ද මෙහිදී සියැසින් දැක වැඳපුදා ගත හැකියි.
බෙන්තර ගලපාත රජමහා විහාරස්ථානයේ හෙට සහ අනිද්දා ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව, පිටබැද්දර දුමින්දාරාම විහාරථානයට මෙ දාතූන් වහන්සේලා වැඩවමවනු ලබනවා. ඉන් අනතුරුව ඇඹිළිපිටිය ශ්‍රී සංඛපාල විහාරස්ථානය වෙත උන්වහන්සේලා වැඩවමවනු ලබනවා.
.......................................................
රටට ආශිර්වාද පතා නේත්රාභිවන්දනා මහාධාතු නමස්කාරය ඇරඹේ
.........................................................
නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්රාභිවන්දනා මහාධාතු නමස්කාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහත් ධාතූන් වහන්සේ, බක්කුල මහරතන් වහන්සේගේ ධාතූන් වහන්සේ සහ මලියදේව මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ සියැසින් දැක වැඳ පුදා ගැනීමට විශාල වශයෙන් සැදැහැවතුන් පිරිස් බෙන්තර ගලපාත රජමහා විහාරස්ථානයට පැමිණෙමින් පවතිනවා.
මෙම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.
---------------------------
රටටම සෙත් පතන නේත්රාභිවන්දනා මහාධාතු නමස්කාරය අද සිට (05-08-2017 / 06:21)
විපත් උවදුරු දුරුවී රටට ආශිර්වාද පතා නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද (05) ආරම්භ වනවා.
ඒ, බෙන්තර ගලපාත රජමහා විහාරස්ථානයේදීයි. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහත් ධාතූන් වහන්සේ, බක්කුල මහරතන් වහන්සේගේ ධාතූන් වහන්සේ සහ මලියදේව මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ සියැසින් දැක වැඳ පුදා ගැනීමට මෙහිදී සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.
මේ අතර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා කිරීමට හැකි නේත්රාභිවන්දනා මහා පිංකම සැදැහැවතුන්ට පිං රැස් කර ගැනීමට ලැබෙන අනගි අවස්ථාවක් බව මහා සංඝරත්නය පෙන්වා දෙනවා.
ධාතූන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන සැදැහැවතුන්ට තම අවස්ථාව එළඹෙන තෙක් යම් වේලාවක් රැඳී සිටීමට සිදු වනු ඇති. එය ද පිං රැස් කර ගනිමින් පාරමිතා පිරීමට ද අවස්ථාවක් කර ගත හැකි බවයි පූජ්‍ය පිටිගල ධම්ම විනීත හිමියන් පෙන්වා දෙන්නේ.
සෑම විටම අනෙකාගේ චර්යාවන් ගැන චෝදනා කරනාවට හෝ පසුතැවෙනවාට වඩා තමන් නිවැරදි චර්යාවන්ගේ යෙදීම වැදගත් වන බව ද මෙහි දී අවධාරණය කෙරුණා.
පළමුව තමන් නිවැරදි වී හැකිතාක් තමන් අවට සිටින පිරිස නිවැරදි චර්යාවන්ට පොළඹවාලිය හැකිනම් එය රට වෙනුවෙන් ඔබට කළ හැකි යුතුකමක්.