Saturday, May 18, 2024

General line - 0115112241

දරු දෙදෙනා සමග 23 හැවිරිදි මවක් දුම්රියට පනී




කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වන ගල්ගමු දුම්රිය ස්ථානයේ නවතා, නැවත පිටත්ව යාමේ දී දුම්රිය ස්ථානයට මීටර් 500ක් පමණ දුරින් එම මව දරු දෙදෙනා සමග දුම්රියට පැන තිබෙනවා.

දුම්රියේ රියදුරු වහා දුම්රිය නවතා ගෙන ඇති අතර එහි දී එම දුම්රියේ ගැටීම හේතුවෙන් ඔවුන් තිදෙනාම තුවාල ලබා තිබෙනවා. 

ගල්ගමුව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් තිදෙනා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

මෙලෙස සිය දරු දෙදෙනා සමග සිය දිවි නසා ගැනීමට උත්සහ දරා ඇත්තේ 23 හැවිරිදි ගල්ගමුව පලුකන්දෑව ප‍්‍රදේශයේ කාන්තාවක්.