Saturday, May 18, 2024

General line - 0115112241

 එල්.ටී.ටී.ඊ  බංකරයකින් මෝටාර් උණ්ඩ තොගයක් සොයා ගැනේ (PHOTOS)

මාධව කුලසූරිය




මන්නාරම - මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාප්පමෝට්ටෙයි ප්‍රදේශයේ පැරණි එල්.ටී.ටී.ඊ බංකරයක් පැවති ස්ථානයක තිබියදී පුපුරා නොගිය මෝටාර් උණ්ඩ හතක් ඇතුළු ආයුධ තොගයක් ඊයේ (04) සොයාගත් බව මන්නාරම අඩම්පන් පොලිසිය පවසනවා.

ගුවන් හමුදා නිළධාරීන් වෙත ලද බුද්ධි තොරතුරක් මත අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙන්නේ.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 04 ක් හා මිලිමීට 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 03 ක්ද තිබු බවයි වාර්තා වන්නේ.

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව මෙලෙස සොයාගත් පුපුරණ ද්‍රව්‍ය තොගය යුධ හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අඩම්පන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.