Tuesday, September 24, 2024

General line - 0115112241

වල්ලපට්ට තොගයක් සමග සිව් දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට (PHOTOS)

ටී.කේ.ජී.කපිල




නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 120ක් වටිනා වල්ලපට්ට තොගයක් ඩුබායි බලා රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයන් සිව් දෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

රේගු මාධ්‍ය ප‍්‍රකශක සහකාර රේගු අධිකාරි සුනිල් ජයරත්න පැවසුවේ කිලෝ 116ක් බර වල්ලපට්ට තොගයක් එහි දී රේගු භාරයට ගෙන ඇති බවයි. 

සැකකරුවන් එම වල්ලපට්ට තොගය ඩුබායි බලා රැගෙන යාමට තැත් තිබෙනවා. 

එම වල්ලපට්ට තොගය රාජසන්තක කර ඇති අතර සැකකරුවන් සිව් දෙනාට රුපියල් ලක්ෂ 07 බැගින් දඩ නියම කර තිබෙනවා.