Tuesday, September 24, 2024

General line - 0115112241

හිමියන් සොයා මෝටර් රථය පසුපස ආ මාරයා (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ  හුංගම මැද එලිය ප්‍රදේශයේදී අද (05) අලුයම 4.45ට පමණ සිදු වූ රිය අනතුරකින් හිමිනමක් අපවත් වී තිබෙනවා.

මෙම අනතුරින්  අපවත් වී ඇත්තේ හුංගම කුඩා ගම්මාන 07 ප්‍රදේශයේ සම්බෝදී විහාරයේ වැඩ සිටි මහව සද්දානන්ද හිමියන් වන අතර අපවත් වන විට උන් වහන්සේ 49 වියේ පසු වී තිබෙනවා .

මාතර වැලිගම ප්‍රදේශයේ මළගෙදරකට සහාභාගී වී නැවත පැමිණෙමින් සිටියදී හිමි නම ගමන් ගත මෝටර් රථයේ ඉදිරිපස රෝදයේ හුලන් බැසීම නිසා ටයරය මාරු කර ගැනීමට නතර කොට තිබෙනවා.

එම අවස්ථාවේ මෝටර් රථයේ රියදුරු ටයරය මාරු කිරීමට කටයුතු කරමින් සිටියදී අදාළ හිමි නම මෝටර් රථයෙන් බැස එහි පසු පසට වී සිට ඇති අතර එම අවස්ථවේ පිටුපසින් පැමිණි වෑන් රථයක් හිමි නම යටකරගෙන ගොස් මෝටර් රථයේ පිටුපස ගැටී තිබෙනවා.

මෝටර් රථයේ ගැටුණු වෑන් රථය සීදුව ප්‍රදේශයේ පිරිසක් රැගෙන කතරගම වන්දනාවේ යමින් තිබු බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අපවත්වූ හිමිනමගේ දේහය අම්බලන්තොට රෝහලේ තැන්පත් කර තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.