Thursday, January 9, 2025

General line - 0115112241

යාපනයේදී ආයෙත් කපයි - හතරක් රෝහලේ




යාපනය අයියකච්චි සංගතාර් ප‍්‍රදේශයේ දී කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කිලිනොච්චි රෝහලටයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූවෙකු අනුරාධපුර රෝහලට මාරුකොට යවා ඇති බවද පලෙයි පොලිසිය පැවසුවා. ඊයේ  (06) පස්වරුවේ මෙම පහරදීම සිදුව තිබුණා.

මෙය පෞද්ගලික ආරවුලක්ද, නැතහොත් සංවිධානාත්මක කල්ලියක ක‍්‍රියාවක්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

එමෙන්ම තියුණු ආයුධවලින් පහරදුන් පුද්ගලයින් කවුරුන්දැයි අනාවරණය කර ගැනීමටද මේ දක්වා නොහැකි වී ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.  

යාපනය චුන්නාකම්  ප්‍රදේශයේදී පසුගිය 02 වැනිදා රාත්‍රියේදී ද පුද්ගලයින් දෙදෙනෙකුව තියුණු ආයුධවලින් කපා කොටා දමා ගොස් තිබුණා.

ඊට පෙර යාපනයේ ප්‍රදේශයකදී යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටද තියුණු ආයුධ රැගෙන පැමිණි 15 දෙනෙකුගෙන් පමණ පිරිසක් ප්‍රහාරයක් එල්ල කළා.