යාපනය ප්රදේශයේ ආරක්ෂක රැකවල් දැඩි කිරීමට ආරක්ෂක අංශ මේ වනවිට පියවර ගෙන තිබෙනවා.
ඒ ඉකුත් දින කිහිපයේදී ඇතිවූ සිදුවීම් සැළකිල්ලට ගනිමින්.
යාපනයේ විවිධ ස්ථානවලදී කාන්තාවන් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හරහා යාපනය ප්රදේශයේ කෝවිල් ආශ්රිතව මේ දිනවල පැවැත්වෙන පෙරහැර සඳහා සම්බන්ධ වන බැතිමතුන්ගේ රන්මාල කොල්ලකෑමේ ජාවාරමක් ද අනාවරණ කර ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
ඔවුන් කිලිනොච්චි ප්රදේශයේ පදිංචිකරුවන්.
පෙරහැර ආශ්රිතව ඇති වන තදබදය ප්රයෝජනයට ගනිමින් ඔවුන් මෙලෙස රන්මාල කොල්ලකා ඇති බවයි පොලිසිය පැවසුවේ.