Thursday, January 9, 2025

General line - 0115112241

අපේ භූගත ජල මට්ටම අවදානම් - ජලය රැකගන්න එකතු වෙන්න




අපේක්ෂිත තරම් වැසි නොලැබීම නිසා භූගත ජල මට්ට්ම ද අඩු වී ඇතයි මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

නියඟය නිසා ඇති වන මෙම අභියෝග ජය ගැනීම සඳහා සියලු දෙනා තනි තනිව සිය වගකීම් ඉටු කළ යුතු බවයි අවධාරණය කෙරෙන්නේ.

වී ලීඩ් ශ‍්‍රී ලංකා සංකල්පය යටතේ නෙත් එෆ් එම් රේඩියෝව නියඟයට එරෙහි මෙහෙයෙුමක් ආරම්භ කලේ ද ඒ සඳහා ප‍්‍රජාව දිරිමත් කිරීමටයි.

තමන් විසින් ඉවතලන පොලිතීන් හෝ ප්ලාස්ටික් වැනි බොහෝ කැළි කසළ ජල මාර්ගවලට බැහැර කිරීමට ඇතැම් අය පෙළඹී සිටිනවා.

තවත් පිරිසක් මළ අපද්‍රව්‍ය පවා බැහැර කරන්නේ ජල මූලාශ්‍රවලටයි. එසේ කිරීමෙන් පරිභෝජනයට ගත හැකි ජල ප‍්‍රමාණය පවා රටට අහිමි වන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි පෙන්වා දෙන්නේ.

ජල මාර්ගවලට හෝ ජල මූලාශ්‍රවලට කැළි කසළ බැහැර කිරීමෙන් තමන් වැළකෙනවා මෙන්ම අනෙක් අයද ඊට දිරිමත්කරන්නැයි මෙහිදී යෝජනා කෙරුණා.

ඔබ වෙසෙන ප‍්‍රදේශයේ ඇති ජල මූලාශ්‍ර අපවිත‍්‍ර වී ඇත්නම් සංවිධාන වී ඒවා පවිත‍්‍ර කිරීමට පෙරමුණ ගන්නැයි අප යෝජනා කරනවා.

වී ලීඩ් ශ‍්‍රී ලංකා සංකකල්පය යටතේ ඒ සඳහා සහය වීමට නෙත් එෆ් එම් රේඩියෝවද සූදානම්. ඒ අනුව, ඔබ විසින් සංවිධාන කරන එවැනි ක‍්‍රියාකාරකම් පිලිබඳ 077 - 902 18 24  දුරකථන අංකයට වයිබර් කර අපට දැනුම් දිය හැකියි.

අපවිත‍්‍ර වූ ජල මාර්ග හෝ ජල මූලාශ අපවිත‍්‍ර කරන්නන් පිළිබඳ තොරතුරු ද එවැනි දෑ පිළිබඳ ඡායාරූප හා විඩියෝද නෙත් එෆ් එම් රේඩියෝවට යොමු කළ හැකියි.

එම තොරතුරු, ඡායාරූප හා විඩියෝද 077 - 902 18 24  දුරකථන අංකයට වයිබර් කිරීමේ හැකියාව පවතිනවා.