Friday, May 3, 2024

General line - 0115112241

අමෙරිකාවේ ජීවත් වුවද මව්බිම වෙනුවෙන් පැයක් සටන් කළ හිරුණිට තරගය අතහරින්නට වුණු වේදනාව




2017 ලෝක ශූරතා මළල ක‍්‍රීඩා තරගාවලියේ ඊයේ (06) පැවැති කාන්තා මැරතන් ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හිරුනි විජේරත්න එක්ව සිටියා.

අමෙරිකාවේ ජීවත් වුවද මව්බිම වෙනුවෙන් තරග බිමට පිවිසි ඇය නොසිතූ මොහොතක අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණා.

ඒ තරගය අවසාන කරන්නට ආසන්නව සිටියදී ඇයට පාදයේ ආබාධයක් ඇති වීම හේතුවෙන්. මේ නිසා ඇයට තරගය නිම කරන්නටද අවස්ථාවක් උදා වූයේ නැහැ.

කිලෝමීටර් 21km ක් අවසන් කර සිටි ඇයට මෙම පාදයේ ආබාධය මතුව තිබෙනවා.  ඒ වන විටත් ඇය පැයකට වැඩි කාලයක් දිව ගොස් තිබුණා.