Sunday, May 19, 2024

General line - 0115112241

හොර අංක තහඩු නඩුවට විරෝධතා ගොනු කරයි!




තමන්ට එරෙහිව මෝටර් රථ ප‍්‍රවාන පනත යටතේ ගොනු කර ඇති සංශෝධිත චෝදනා පත‍්‍රයට කම්කරු සේවා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීරට අද (09) මූලික විරෝධතා ගොනු කළා. මෙම විරෝධතාවලට එරෙහිව ප‍්‍රතිවිරෝධතා ඇත්නම් ලබන 23 වැනි දා ගොනු කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක බොරැල්ල පොලිසියට නියෝග කළේ.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් 2009 වර්ෂයේ දී ව්‍යාජ අංක තහඩු යෙදූ සහ චැසි අංක වෙනස් කළ වාහනයක් භාවිත කළේ යැයි කියන සිද්ධියකට අදාළව මෙම නඩුව පවරා තිබෙනවා.