Sunday, May 19, 2024

General line - 0115112241

"මම දැක්කා හරීනුත්.. නම් කළේ අගමැති - රවී නැති කැබිනට් රැස්වීමේ දී  'අද සිදුවූ දේ ' මෙන්න




අද (09) පැවති කැබිනට් රැස්වීම සඳහා අමාත්‍ය රවී කරුණානායක සහභාගී නොවූ බව වාර්තා වනවා.

මෙහිදී අමාත්‍ය රාජිත සේනාරත්න බැඳුම්කර කොමිසම පිළිබඳව අදහස් දක්වමින් ගෙවල් සහ දුරකථන බිල් පිළිබඳව සොයන කොමිසමට  බැඳුම්කර අමතක වී  ඇත්ද යන්න ප්‍රශ්න කර සිටියා.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  "මම දැක්කා හරීනුත් කියලා තියෙනවා හොරු ඇල්ලීම ගැන.මම තනිවම නෙමේ කොමිසම දැම්මේ " යනුවෙන් සඳහන් කර තිබෙනවා.

ඇමති හරීන් ප්‍රනාන්දු එහිදී සඳහන් කර ඇත්තේ රවී කරුණානායක අමාත්‍යවරයාගේ සිදුවීමේදී නීතිපති දෙපාර්තමේන්තුව ඉක්මනින් කටයුතු කරන ආකාරයෙන් අනෙකුත් නඩු සඳහා ද කටයුතු කල යුතු බවයි.


එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ නීතිපති නම් කළේද අගමැතිවරයා බවයි.

මෙම කැබිනට් මණ්ඩලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වූ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ ක්‍රියා කළාපය දැඩි ලෙස විවේචනයට ලක්ව තිබෙනවා.