Sunday, January 5, 2025

General line - 0115112241

බිරිඳට පොල්ලෙන් ගසා මැරූ සැමියාට ඉරණම තීන්දු වෙයි!




බිරිඳට පොල්කින් පහරදී ඇය ඝාතනය කර වලා දමා සැගවූ බවට අනුරාධපුර මහාධිකරණය හහමුවේ අධිචෝදනා ලබා සිටි හිටපු යුධ හමුදා කෝප‍්‍රල්වරයෙකු පර්යේෂණ සාක්ෂි මත පමණක් පදනම්ව එකී චෝදනාවට වරදකරු බවට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද (09) තීරණය කළා. ඒ අදාල චූදිතයාට මරණ දඩුවම නියම කරමින්.

මරණ දඩුවම නියම වූයේ නොචිචියාගම ගාලදිවුල්වැව ගාල වැව ලිපිනයේ පදිංචි ජයසේනගේ ජානක නැමැති හිටපු යුද හමුදා කෝප‍්‍රල්වරයෙකුටය. 

2007 වසරේ සප්තැම්බර් මස 22 වන දින හෝ ’ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප‍්‍රදේශයට අයත් නොචිචියාගමදි ආරියපාලගේ සුජාතා වීරසේකර නැමැති විත්තිකරුගේ බිරිඳට පහරදි ඇය ඝාතනය කළ බවට විත්තිකරුට  එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වන වගන්තිය ප‍්‍රකාරව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා.
මන්නාරම පිහිටි ශ‍්‍රි ලංකා යුද හමුදාවේ   2 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ  සේවය කරමින් සිිටියදී විත්තිකරු මෙම අපරාධය සිදු කර ඇති බව අධිකරණ නඩු විභාගයේදී  අනාවරණය වුණා.

ඇසින් දුටු කිසිදු සාක්සියක් නොමැතිව මෙම නඩුව විභාග කර එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරුනේ  පර්යේෂණ සාක්සි  පදනමි කරගෙන පමණක් වීම විශේෂත්වයකි.

දඩුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විවෘත අධිකරණය අමතමින් සදහන් කළේ මෙම නඩුවට අදාල පර්යේෂණ සාක්සි සියල්ල සමස්තයක් ලෙස ගත් විට තමාට එළඹිය හැකි එකම නිගනමය වන්නේ විත්තිකරු වරදකරුම බව පමණක් බවය. 

විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින්  නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවද ප‍්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීෙමි වරදට තමා විත්තිකරුට මරණ දඩුවම නියම කරන බවද ස්වකීය තීන්දුව ප‍්‍රකාශයට  පත් කරමින් තවදුරටත් පැවසුවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ එවකට විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන මහතා ඇතුලූ 13 දෙනෙකතු නඩුවේ සාක්කෂිරුවන් ලෙස නම් කරනු ලැබ සිටිනවා. මෙම නඩුවේ මූලික විභාගය තඔුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති අතර වැඩිදුර විභාගය සදහා අනුරාධපුර මහාධිකරණයට යොමු කෙරුණා.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ලහිරු ජයමාන්න පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ ආනන්ද පේ‍්‍රමරත්න පෙනී සිටියා. නොචිචියාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් සියලූ විමර්ශන මෙහෙයවූවා.