Tuesday, May 7, 2024

General line - 0115112241

සිය පෙම්වතිය නිරුවත් කර නාච්චිමලේ ජලාශයේදී ඝාතනය කළ හිටපු චීවරධාරියාට අත් වූ ඉරණම




ඉංගිරිය නාච්චිමලේ ජලාශයේ දී තම පෙම්වතිය නිරුවත් කර අමානුෂික ලෙස දියේ ගිල්වා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරුවු හිටපු චීවරධාරියෙකුවු මෙන්ම ත්‍රීරෝද රථ රියදුරෙකු ද වූ අයෙකුට පානදුර පළාත්බද මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක (10) මරණ දන්ඩණය නියම කලා.

මෙසේ මරණ දන්ඩණය නියම වුයේ පන්නිපිටියේ පදිංචිව සිටි හෙනේගම රත්නසිරි හිමි හෙවත් කොඩිතුවක්කු ආරච්චිගේ ප්‍රමිල සාරංග නැමැති 34 හැවිරිදි අයෙකුටයි.

ඔහු අධිචෝදනා ලබා සිටියේ වර්ෂ 2010 මැයි මස 25 වැනිදා ඔහුගේ පෙම්වතිය යැයි කියන ඉංගිරියේ පදිංචි දෝන සුනේත්‍රා ප්‍රියදර්ශනී නැමැත්තිය ඉංගිරිය නාච්චිමලේ ජලාශයේ දී නිරුවත් කර දියේ ගිල්වා ඝාතනය කිරීම සම්බන්ධයෙන්.

මෙම නඩුව පිළිබඳව දිර්ඝ නඩු විභාගයක් පැවැත්වු විනිසුරුවරිය නඩු තීන්දුව විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරමින් මෙසේ සදහන් කලා,

"විත්තිකරු  මහනදම් පිරු පුද්ගලයෙකි. ඔහු පසුව සිවුරු අතහැර කාන්තාවක් සමග අවුරුදු පහක් පමණ තදබල ලෙස ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇත. පසුව ඇගෙන් මුදල් ද ලබා ගෙන ප්‍රේම සම්බන්ධය අතහැර ඔහු කොරියාවට පලා ගොස් අවුරුදු දෙකකට පසුව ලංකාවට පැමිණ ඇත. අනතුරුව නැවත ප්‍රේම සම්බන්ධය අලුත්කර ගෙන මෙම තරුණිය සමග විවාහ වන බව ඇගේ දෙමාපියන්ට පොරොන්දුවී ඇත. ඔහු  මංගල්‍යයට අවශ්‍ය දේ මිළදී ගැනීමට යැයි පවසා ඇයව කොළඹ එක්කරගෙන ගොස් ඇත. පසුදින ඇයගේ මළසිරුර ඉංගිරිය පොලිසිය විසින් නාච්චිමලේ ජලාශයේ තිබී සොයාගෙන ඇත. මෙම සිද්ධිය සිදුව ඇත්තේ වර්ෂ 2010 මැයි මස 25 වැනිදායි."