Wednesday, May 15, 2024

General line - 0115112241

රස්සාවට ගෙදරට ඇවිත් ගෙවල් බිඳින කාන්තාවක් පොලිසියට කොටුවෙයි




නිවසක ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ කාන්තාවක් අදාල නිවස බිඳ ස්වර්ණාභරණ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොරටුමුල්ල පොලිස් වසමේ විල්ලෝරාවත්තේ නිවසක මෙම සොරකම සිදුව තිබෙනවා. 

රුපියල් 1,07,000.00 පමණ වටිනාකමින් යුතු ස්වර්ණාභරණ අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය සතුව තිබු බව පොලිසිය පවසනවා.

සැකකාරිය 32 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ කාන්තාවක්.