Wednesday, May 15, 2024

General line - 0115112241

වැඩේ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න! වෛද්‍ය සංගමය ඇමතිට කියයි!




දින 14ක් ඇතුළත වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය ගැසට් කරන බවට අමාත්‍ය රාජිත සේනාරත්න මීට පෙර ප‍්‍රකාශ කර ඇතැයි ද එම කාලය ලබන 14 වනදායින් අවසන් වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කළා. කාලය ඉක්ම යාමට පෙර අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නොහැකි වුවහොත් අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවටයි ඔවුන් අභියෝග කළේ. 

මීට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් පැවසුවේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය ගැසට් කිරීම වසර ගණනාවක් තිස්සේ ප‍්‍රමාද කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයම බවයි. මෙම අවම ප‍්‍රමිතීන් සකස් කිරීම ස`දහා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡුා පවා ඔවුන් විසින් ම`ගහැරි බවද අමාත්‍යවරයා පැවසුවා. කෙසේ වෙතත් අදාළ කෙටුම්පත මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තනයට යොමු කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඒ අනුව වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතීන් කඩිනමින් ගැසට් කරන බවද මෙහිදී අවධාරණය කෙරුණා.