සමෘද්ධි ප‍්‍රතිලාභය සම්බන්ධයෙන් ඇති වූ සංවාදයක දී ද පාර්ලිමේන්තුව අද නොසන්සුන් වුණා. විශේෂ ප‍්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ප‍්‍රතිලාභීන් බොහෝ දෙනෙකුගේ සමෘද්ධි සහනාධාරය කපා දමා ඇති බවයි. ඒ පිළිබඳ ආණ්ඩුවෙන් පිළිතුරක් බලාපොරොත්තු වන බවද මන්ත‍්‍රීවරයා පැවසුවා. එම අවස්ථාවේ නැගී සිටි ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවේ විෂයභාර අමාත්‍යවරයා වන එස් බී දිසානායක හෙට දිනයේ ඊට පිළිතුරක් ලබාදෙනු ඇති බවයි. එහෙත් තම ප‍්‍රශ්නයට කඩිනම් පිළිතුරක් අවශ්‍ය බව දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා දිගින් දිගටම කියා සිටියා.
මෙම සංවාදය අතරවාරයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සමෘද්ධි සහනාධාරය කප්පාදු කිරීමට එරෙහි සටන් පාඨ සහිත පුවරුද ප‍්‍රදර්ශනය කළා. ඇති වූ නොසන්සුන්තාව පාලනය කර ගැනීමට නොහැකි වූ නිසා සභාව තාවකාලිකව කල් තැබීමටයි කතානායකවරයා තීරණය කළේ.