Tuesday, September 24, 2024

General line - 0115112241

රවී ඉල්ලා අස්වුණාට බැඳුම්කර ගනුදෙනුවේ මහ මොළකරුවන් නිදැල්ලේ




සිය අමාත්‍ය ධුරයෙන් රවී කරුණානායක ඉල්ලා අස්වුවද ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන එයින් අවසන් නොවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ මෙම ගනුදෙනුවේ මහා මොළකරුවන් තවමත් නිදැල්ලේ සිටින බවයි. 

මේ අතර අමාත්‍ය මනෝ ගනේෂන් පැවසුවේ ඉකුත් ආණ්ඩු සමයේ දී සිදු වු වංචාවන් පිළිබඳ විමර්ශන ඉදිරියේ දී වඩා වේගවත් කරන බවයි. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිලගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ වසර දෙක හමාරක් තිස්සේ උත්සහ කළද බලයට පැමිණීමේ දී නගන ලද චෝදනා කිසිවක් ඔප්පු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි.