Tuesday, September 24, 2024

General line - 0115112241

දෙමළ ජනතාවගෙන් 50%ක් රට අතහැර ගිහින්! අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එක්සත් නොබෙදෙන රටක්!




එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ යහපත උදෙසා නොව තම දේශපාලන අනාගතය වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවට විපක්ෂ නායක ආර් සම්බන්ධන් චෝදනා කරනවා. ඒ හේතුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලියේදී ද ප්‍රමාධයක් සිදුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත අමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් නියෝජිතයින් පිරිසක් සමග කොළඹ ඊයේ පැවති සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.    

එක්සත් හා බෙදිය නොහැකි ශ්‍රී  ලංකාවක් මත පදනම්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන බවට සිංහල දේශපාලනඥයින් ප්‍රචාරය කළ යුතු බවයි විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. එසේ කිරීමෙන් මෙම ක්‍රියාවලිය සාර්ථක ලෙස නිමා කිරීමට හැකි වන අතර නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතැම් ජන කොටස් තුළ පවතින සැකයට ද පිළිතුරු ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා.

මෙරට දෙමළ ජගහනයෙන් සියයට 50කට වැඩි පිරිසක් මේ වනවිට රට හැර ගොස්  තිබෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. කඩිනම් විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේ දී තවත් දෙමළ වැසියන් එලෙස රට හැර යනු ඇති බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ. කෙසේ වෙතත් තමන් හඬ ගන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාව හා එහි ජනතාව වෙනුවෙන් බව ද ඔහු අවධාරණය කළා.