Tuesday, September 24, 2024

General line - 0115112241

ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක වන දිනය මෙන්න




මගී ප්‍රවාහන බස් රථ සේවා සඳහා ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මෙය ලබන අඟහරුවාදා සිට ක්‍රියාත්මක වන බවයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසන්නේ.

අද (11) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

සතියේ දිනවල උදෑසන 06.00 සිට උදෑසන 09.00 දක්වා කාලය තුළ එය ක්‍රියාත්මක වනවා.

මොරටුව සිට කොළඹ දක්වා සහ බත්තරමුල්ල ප්‍රදේශයේ සිට කොළඹ දක්වා මංතීරු 03කින් සමන්විත මාර්ග ප්‍රදේශවල ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම ප්‍රමුඛතා මංතීරුවල පුද්ගලික සහ ලංගම බස්  රථවලට අමතරව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථවලට ද ගමන් කළ හැකියි.