Tuesday, September 24, 2024

General line - 0115112241

නිලවලා ගඟට පැන සියදිවි නසාගත් සිසුවියගේ  සිරුර සොයාගත් හැටි (PHOTOS)




පෙරේදා (09) දහවල් නිල්වලා ගඟට පැන සියදිවි නසාගත් 16 හැවිරිදි  ජේ.කේ. තරුෂි සඳරුවනි සිසුවිය සියදිවි නසාගැනීමට හේතුව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඇය විසින් පාසලට ගෙන ගිය ඇයගේ ජංගම දුරකථනය විදුහල්පතිට හසුවීම නිසා ඇගේ මවුපියන් පාසලට පැමිණ දුරකතනය රැගෙනයන ලෙසත්, මවුපියන් පාසලට පැමිණීම අනිවාර්ය බව පවසා පණිවුඩයක් නිවසට එවීමත් නිසා සිත් තැවුලට හා කලබලයට පත්වීම නිසා මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.

සිසුවියක් ගඟට පැන ඇති බවට පෙරේදා සවස අකුරැස්ස පොලිසියට ලැබුණු දුරකතන ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය  තිබ්බටුවාව පාලම අසල නිල්වලා ගඟේ පාවෙමින් තිබූ ඇගේ පාසල් බෑගය සොයාගෙන තිබුණා.

අකුරැස්ස පෝරඹ ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ඇය මෙවර අ.පො.ස. සා.පෙළට පෙනී සිටීමට නියමිතව සිට තිබෙනවා.

ඊයේ සවස ඇයගේ සිරුර සොයා ගැනුණේ අකුරැස්ස පොලිසිය හා නාවික හමුදාව සිරුර සොයා ගැනීමට හැකි වුණා.