Wednesday, September 25, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව හපනුන් වෙනුවෙන් grade5.lk වෙතින් අනුමාන ප්‍රශ්ණ පත්‍රයක් නිකුත් කරයි!




grade5.lk  සංවිධාන කළ තෙවන සහ අවසාන පෙරහුරු විභාගයේ ප‍්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. 

එම විභාගය ඊයේ (15)පස්වරු 6 සිට රාත‍්‍රී 09 දක්වා පැවැත්වුණා. 

ලකුණු 195 බැගින් ලබා ගත් දෙදෙනෙකු එම විභාගයේ පළමු ස්ථානය දිනා ගෙන තිබෙනවා. 

ඒ, අනුරාධපුර සහ කොළඹ දිස්ත‍්‍රික්කයෙන්. ලකුණු 194ක් ලබා ගත් දෙවන ස්ථාන දෙකක් ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වනවා. ලකුණු 193ක් ලබා ගත් තුන්වන ස්ථානය වාර්තා වන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන්.

මේ අතර ලබන 20 වැනි දා පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් grade5.lk   සංවිධාන කරන සුවිශේෂී අනුමාන ප‍්‍රශ්න පත‍්‍රය අද (16)පස්වරු 06ට නිකුත් කෙරෙනවා. 

මෙම සුවිශේෂී ප‍්‍රශ්න පත‍්‍රය සම්පාදනය කරනු ලබන්නේ අඛණ්ඩව වසර 05ක් තිස්සේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනේ ඉහළම ප‍්‍රතිඵල ලබා දුන් ප‍්‍රවීණ ගුරුවරුන් විසින්. 

මෙම සුවිශේෂී අනුමාන ප‍්‍රශ්න පත‍්‍රය සකස් කර ඇත්තේ පසුගිය වසර ගණනාවක පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි. 

ඔබටත් grade5.lk  වෙබ් අඩවියට පිවිස එම අනුමාන ප‍්‍රශ්න පත‍්‍රය වෙන් කරවා ගැනීමට හැකියි. 

එමෙන්ම,Google play Store අන්තර්ජාල යෙදවුම ඩවුන්ලෝඞ් කර ගැනීමෙන් ද එම අනුමාන ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලිවීමට හැකියාව පවතිනවා. 

මේ පිළිබඳ  වැඩි විස්තර 070 300 11 55 දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකියි.