Wednesday, September 25, 2024

General line - 0115112241

යාපනේ වුණොත් ජාතිවාදය! මෙහේ වුණොත් වාහනටික අයින් කරල කට්ටිය යනවා! හමුදාපති යාපනයේ සිදුවීම් ගැන කතා කරයි!




යාපනය ප‍්‍රදේශයේ ඇතිවන යම් සිද්ධීන් කිසිසේත්ම ජාතික ආරක්ෂාවට ප‍්‍රශ්නයක් නොවන බව යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක පවසනවා.

“කුරණදි පහුගිය දවසේ එස්.ටී.එෆ් එක වෙඩි තැබීමක් කළා, අත්තිඩියෙ බැංකුවක් කොල්ල කෑවා. මේ වගේ දේවල් යාපනයේ සිද්ද වුණොත් ජාතික අරක්ෂාවට තර්ජනයක් කියල මතයක් හදනව. හැබැයි අත්තිඩියෙ වගේ සිද්ධියකදි වටේ වාහන ටික අයින් කළා කට්ටිය ගියා“ 

මහාධිකරණ විනිසුරු එම් ඉලන්චේලියන් හට වෙඩි තැබීමේ සිද්ධියට සැක පිට හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද යුද්ධ හමුදාපතිවරයා මෙහි දී අදහස් දැක්වූවා.

පොලිසිය තම රාජකාරිය නිසි ලෙස ඉටු කරන්නේ නම් කිසිදු කරුණකට හමුදාවන් මැදිහත් වීමට අවශ්‍ය නොවන බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා. 

කොළඹ ඊයේ (15)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.