Wednesday, September 25, 2024

General line - 0115112241

තාජුඩීන් ඝාතන පරීක්ෂණයට යෝෂිත CID එයි!




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (16) දහවල් පැමිණියා. ඒ, රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළ ප‍්‍රශ්න කිරීමක් සඳහායි. 

මේ අතර ඊයේ දිනයේ දී  අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂගෙන් පැය දෙකහමාරකට අධික කාලයක් ප‍්‍රශ්න කළා. ඒ, රතු කුරුස සංවිධානය සිරිලිය පදනමට ලබා දී තිබූ ඩිෆෙන්ඩර් රථයක වර්ණ වෙනස් කර එය යෝෂිත රාජපක්ෂගේ පරිහරණය ස`දහා ලබා දීම සම්බන්ධයෙන්. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ද ඊයේ දිනයේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණියා. එම කොට්ඨාසය මගින් කර තිබූ දැනුම් දීමකට අනුව ඔහු පැමිණ තිබුණේ  චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන්.