Wednesday, September 25, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව ළමුන්ට ඉගැන්වීම අද මධ්‍යම රාත්‍රි යේ සිට තහනම්!




මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල උපකාරක පන්ති, සම්මන්ත‍්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද (16) මධ්‍යම රාත‍්‍රීයේ සිට තහනම්කර තිබෙනවා.

ලබන 20 වැනි ඉරිදා ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තුරු මෙම තහනම ක‍්‍රියාත්මක බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනූව විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති තහනම් කිරීම, විෂයානුබද්ධ දේශන, වැඩමුළු සහ සම්මන්ත‍්‍රණ පැවැත්වීම තහනම්වනු ඇති.

අනුමාන ප‍්‍රශ්න ඇතුළත් ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම ද තහනම්. විභාග ප‍්‍රශ්න පත‍්‍රවලට ප‍්‍රශ්න ලබා දෙන බවට හෝ ඒහා සමාන ප‍්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත‍්‍රිකා, විද්්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කිරීම සහ එවැනි දෑ සම්පූර්ණයෙන්ම ළඟ තබා ගැනීම තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.