Wednesday, September 25, 2024

General line - 0115112241

හැමෝම වෛද්‍යවරයෙක් ඉන්ජිනේරුවරයෙක්ම වෙන්න ඕන නැහැ! කරන්න තව ගොඩාක් වැඩ තියෙනව!




වත්මන් අධ්‍යාපන ක‍්‍රමය රටේ අභිවෘද්ධියට ඉවහල්වේද යන්න පිළිබඳව නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ අන්ලිමිටඞ් කනපිට සංවාදයේ දී සාකච්ඡුාවට ලක් වුණා. දරුවන් දක්වන දක්ෂතා අනූව ඔවුන් ඒ ඒ කේෂ්ත‍්‍රවලට යොමු කිරීම වැදගත් බවයි මෙහි දී අදහස් පල වුණේ. මේ, මෙම සංවාදයේ දී අදහස් දැක් වූ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය. 

“අපි පටලව ගත්ත තැන තමයි, පිටින් බලල හැම ළමයෙක්ම, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක් හරි ගණකාධිකාරී වරයෙක් වෙන්න ඕන කියල දෙමාපියන් හිතන එක සහ ළමයින්ට එහෙම හිතන්න පුරුදු කරකරපු එක. ළමය එහෙම හිතන තැනට පොළඹවන එක.

අධ්‍යාපන ක්‍රමයේ තිබිය යුතු ප්‍රධානම දෙයක් තමයි දක්ෂතා හඳුනාගෙන අධ්‍යාපනය ලබාදීම. ලෙඩුන්ව සුවපත් කරන්න පුළුවන් කෙනා ගන්න ඔහු හෝ ඇය ඒ දක්ෂතාවයෙන් බටහිර වෛද්‍යවරයෙක්ම වෙන්න ඕන නැහැ. ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. හෙද සේවයේ වෙන්න පුලුවන්. සමහරවිට විද්‍යාඥයෙක් වෙන්නත් පුළුවන්. ලෙඩුන් ගොඩක් සුවපත් කරන. ආගමික නායකයෙක් වුණොත් මනස සුවපත් කරන්න පුළුවන්.“

දරුවන් අනවශ්‍ය තරගයකට පොළඹවීම ශ‍්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් සිය දිවි නසා ගැනීම් වාර්තා වීමට ප‍්‍රධාන හේතුවක් වී ඇති බවයි මෙහි දී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

“ලෝකයේ මේ හැම එකෙන්ම පහලට යනකොට, අපි සියදිවි නසා ගැනීම් වලින් ලෝකයේ අංක එකට එනව. මේ පෙළඹිම නිසා ළමයි ඕ ලේවෙල් ඒ ලෙවෙල් හරියට කරගන්න බැරි වුණහම සිය දිවි හානිකරගන්න පෙළ ඹෙන්න පුලුවන්. මම දැන් කියන්න දන්නැහැ, ඉදිරියෙදි ශිෂ්‍යත් විභාගය නිසාත් එහෙම වෙයිද දන්නැහැ.අධ්‍යාපනයේ තියෙන්න ඕන දේ තමයි අපි අපි ගැන ඉගෙනගන්න එක. පිටින් දෙයක් දිහා බලල ඉගන ගන්න එක නෙවෙයි. ඇයි දැන් අපිට පයින් යන්න බැරි, වෙන වෙන අය ලොකු ලොකු වාහන වලින් යන හින්ද. ඇයි අපිට පුංදි ගේක ඉන්න බැරි, වෙන වෙන අයට ලොකු ගෙවල් තියෙන නිසා මිසක් ඉන්න බැරි වෙන ප්‍රශ්නයක් මත නෙවෙයි. ඒකද අපි උගන්වන් ඕන? 

අන්ලිමිටඞ් කනපිට වැඩසටහන අඟහරුවාදා රාත්‍රී 7.30ට විකාශය වනවා.