Saturday, April 27, 2024

General line - 0115112241

"ඉවසන්න.." - ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා ඔබට කියන කතාව 




ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තබන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.


උපාය මාර්ගික හේතු මත ඇතැම් කරුණු විවෘතව කථා කළ නොහැකි අතර නිසැක වශයෙන්ම තිරය පිටුපස ප්‍රතිඵල දකිනවා කෙසේ වෙතත් එහි ධනාත්මක බලපෑම් මතුපිටින් පෙනීමට තව යම් කලක් ගතවිය හැකියි බවයි  ඔහු අදාළ නිවේදනයෙන් පවසා ඇත්තේ.

“මදක් ඉවසා සිටින්න. වැදගත්ම කරුණ වන්නේ අප කෙරෙහි විශ්වාසය තබන්න. නැගී සිටින්නට අපට ශක්තියක් වන්න’’ යනුවෙන් සඳහන් මෙම නිවේදනය පහතින් දැක්වෙනවා.