Wednesday, September 25, 2024

General line - 0115112241

කට්ටි පැන්න ඝාතන සැකකරුවන් දෙදෙනෙක් CCDයට කොටුවෙයි




වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ දී සිදු කළ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බොරකන්ද කරන්දෙනිය ප‍්‍රදේශයේදීයි. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇත්තේ මාපිටිගම බෝතන්ත‍්‍රිගේ සුනිල් නැමැත්තෙක්. අත්අඩංගුවට ගැණුනු දෙදෙනා අවුරුදු 23 සහ 28 යන වයස් සීමාවල පසුවන වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය  වෙත අද(16) ඉදිරිපත් කිරීමට නියමිතයි.