Wednesday, September 25, 2024

General line - 0115112241

බාලවයස්කාර පෙම්වතිය මරා වස බිව් පෙම්වතා රෝහලටවිත් දිවි ඉල්ලයි




තම පෙම්වතියට පිහියෙන් ඇණ 17 හැවිරිදි පෙම්වතිය මිය ගිය පසු පෙම්වතා මාවනැල්ල රෝහලට පැමිණ තමා වස පානය කළ බව පවසා රෝහලේ ප‍්‍රතිකාර සඳහා නැවති ඇතැයි මාවනැල්ල පොලිසිය පවසනවා.

මෙ සිදු විම සිදුව ඇත්තේ කෑගල්ල පොලිස් කලාපයට අයත් දීවෙල ප‍්‍රදේශයේදිය. කලක සිට පෙම්වතුන්ව සිට ඇත.
දෙදෙනා අතර සහ පවුලේ අය අතර තිබු ගැටලූවක් මුල් කර ගනිමින් පෙම්වතියගේ නිවසට පැමිණි පෙම්වතා නිවසේ සාලයේදිම පිහි ඇනුම් සිදු කර පෙම්වතිය ඝාතනය කර ඇති බවයි පොලිස් පරික්ෂණ වලින් අනාවරණ වී ඇත්තේ.


සිද්ධිය සිදු කර බව කියන පෙම්වතා වන නාමල්ගම, දීවෙල පදිංචි වයස අවුරුදු 24 වන ධනුෂ්ක ප‍්‍රසන්න දිසානායක 15 වැනි දින රාත‍්‍රී 10. 30 ට පමණ මාවනැල්ල රෝහලට පැමිණ වස පානය කර බව පවසා රෝහලේ ප‍්‍රතිකාර සඳහා නැවති ඇති අතර කෑගල්ල පොලිස් ස්ථානාධිපතිතුමාගේ දැනුම් දිමටකට අනුව පිහි ඇනුම සිදු කර බව කියන මෙම සැකකරු සඳහා පොලිස් පරික්ෂණය සහ මහෙස්ත‍්‍රාත් පරික්ෂය පැවැත්වෙන තුරු අදාල වාට්ටුවට පොලිස් ආරක්ෂාව ලබා දි  තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසිය මාවනැල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.