Friday, May 3, 2024

General line - 0115112241

තිලංගගේ බලාපොරොත්තුව මෙන්න




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තනතුරක් ලබාගැනීමට තවත් වසර තුනක පමණ කාලයක් තමන්ට බලාපොරොත්තුවක් නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සඳහන් කරනවා.

2019 ලෝක කුසලානය අවසන් වන තෙක් තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තනතුරින් ඉවත්වීමට බලාපොරොත්තුවක් නොමැති බවද තිලංග සුමතිපාල හෙළි කළා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ " ක්‍රිකට් පාලක මණ්ඩලයේ මට තව අවුරුද්දක් තනතුරේ ඉන්න පුළුවන්. තව අවුරුදු තුනක් පමණ යනකම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තනතුරක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මට අවුරුදු තුනක් පමණ යනකම් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක කටයුතු කරලා... 2019 ලෝක කුසලානය ඉවර වෙනකම් ඉන්න පුළුවන්. ලංකාවේ ක්‍රිකට්වලින් නැතිනම් මේ තනතුරින් ඉවත්වෙන්න බලාපොරොත්තුවක් නෑ." යනුවෙනි.