Friday, May 3, 2024

General line - 0115112241

"ජෝ රූට්" ක‍්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි




පිට පිටම ටෙස්ට් අර්ධ ශතක 11 ක් වාර්තා කළ පළමු එංගලන්ත පිතිකරුවා ලෙස නායක ජෝ රූට් වාර්තා පොත් අතරට එක් වුණා. 

ඒ, සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දිවා රාත‍්‍රී පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී. 

ජෝ රූට් මෙහි දී ලකුණු 136ක් රැස් කළා. 

පිට පිටම ටෙස්ට් අර්ධ ශතක 11ක් වාර්තා කළ ලොව පස්වන පිතිකරුවා වන්නේ ජෝ රූට්ය. 

පිට පිට ටෙස්ට් අර්ධ ශතක 12ක් වාර්තා කරමින් එහි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ දකුණු අප‍්‍රිකාවේ එ් බී ඩිවිලියස්.