Thursday, April 25, 2024

General line - 0115112241

තුර්කි කුමන්ත‍්‍රණකරුවන් පහලොස් දහසකගේ වැඩ තහනම්




තුර්කියේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ පහලොස් දහසකට වැඩි පිරිසකගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ, ඔවුන් ඉකුත් දා ක‍්‍රියාත්මක කළ අසාර්ථක වූ කුමන්ත‍්‍රණයට සම්බන්ධ බවට සැකකරමින්.

එරට අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ මෙම පිරිස අමෙරිකාව පදනම් කරගෙන සිටින තුර්කි ජාතික පූජක ෆෙතුල්ලා ගුලෙන් හා සම්බන්ධතා පවත්වා ඇති බවයි.

ෆෙතුල්ලා ගුලෙන්, මෙම කුමන්ත‍්‍රණයට සම්බන්ධ බවටයි තුර්කි බලධාරීන් චෝදනා කරන්නේ.

මේ අතර විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් 1500කට වැඩි පිරිසකටද සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙසටයි දැනුම්දී ඇත්තේ.

රජයේ පෙරලීමේ කුමන්ත‍්‍රණයට සම්බන්ධ වූ බවට හමුදා සාමාජිකයන් හය දහසක් අත්අඩංගුවට ගැනුණු අතර පොලිස් නිලධාරීන් නව දහසක් සේවයෙන් පහකළා.

විනිසුරුවරුන් තුන්දහසකගේ සේවය තාවකාලිකව අත්හිටුවීමටද එරට රජය තීරණය කළා.