Sunday, May 5, 2024

General line - 0115112241

රාජතාන්ත්‍රික අමුත්තන් අගමැති බැහැ දකී




ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් අද (31) පස්වරුවේ ශ‍්‍රී ලංකාවට පැමිණියා. ඒ, කොළඹ දී අද ආරම්භ වූ ඉන්දීය සාගර කලාපීය සමුළුවට සහභාගී වීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින සී - ෂෙල්ස් උප ජනාධිපතිි වින්සන්ට් මෙරිටන් අද පෙරවරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වුණා.

අරලියගහ මන්දිරයේ දී මෙම හමුව සිදු වූ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම, කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සහ අධ්‍යාපන, සංචාරක, නීතිය හා සාමය යන අංශවල සහයෝගීතාව වර්ධනය කිරීම වැනි කරුණු පිළිබඳ එහිදී සාකච්ඡා වී තිබෙනවා. ශ‍්‍රී ලංකාව සහ සී - ෂෙල්ස් රාජ්‍ය අතර ඒකාබද්ධ කොමිසමක් පත් කරන ලෙසයි එරට උප ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊට එකඟතාව පළ කළා.