Monday, April 29, 2024

General line - 0115112241

දිවුල්දෙණියේ රිය අනතුරකින් ළමුන් 7ක් රෝහලේ 




කොටදෙණියාව ප්‍රදේශයේ කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දිවුල්දෙණිය නාල්ල පාලම අසලදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක් හා කැබ් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අද (08) උදෑසන 6.45ට පමණ මෙම අනතුර සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරින් පාසල් වෑන් රථයේ ගමන් කළ ළමුන් 7 දෙනෙකු තුවාල ලබා දඹදෙණිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොටදෙණියාව  පොලිසිය මේ සම්බන්ධයෙන්  වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.