Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එන විදේශිකයින් මිය යෑම වැඩිවෙලා




මෙරට දී මියගිය විදේශිකයින්ගේ සංඛ්‍යාව පසුගිය වසර 03 තුළ දී දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව පාර්ලිමේන්තුවේ දී අද අනාවරණ වුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල නැගූ ප‍්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක ලබාදුන් පිළිතුරකදීයි.

2014 වසරේ දී විදේශිකයින් 49 දෙනෙකෙු මෙරටදී මියගොස් තිබෙනවා. 2015 වසරේ දී මියගොස් ඇති සංඛ්‍යාව 81ක්. 2016 වසරේ දී විදේශිකයින් 87 දෙනෙකු මෙරටදී මියගොස් ඇති බවයි ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායකවරයා මෙහිදී සඳහන් කළේ.