Monday, April 29, 2024

General line - 0115112241

විග්නේෂ්වරන් මහනායක හිමියන් බැහැ දකී




උතුරේ පවතින වත්මන් තත්ත්වය සහ පළාතේ ගැටළු පිළිබව දැනුවත් කිරීම සඳහා පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් අද (09) බැහැදුටුවා. 

උන්වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ දී මෙලෙස අදහස් පළ කළා.

 

රට ඛෙදීමට කිසිදු ඉඩක් නොතබන බවත්, උතුරේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන බවත් ඔහු මෙහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියා.

 

පළාත් සභා බලතල පාර්ලීමේන්තු මගින් සිදුකිරිම සම්බන්ධයෙන් ද මෙහිදී ඔහු කියා සිටියා.

 

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවශ්‍යනම් පර්ක්ෂණයක් සිදුකරන ලෙස ද මෙම මාධ්‍ය හමුවේ දී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියා.