Monday, April 29, 2024

General line - 0115112241

ලබන වසරේ සිට දේශීය ආදායම් පනතේ ප්‍රතිඵල ජනතාවට




නව දේශීය ආදායම් පනතේ ප්‍රතිඵල ලබන වසර වනවිට ජනතාවට ලැඛෙනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ආණ්ඩුවක් වශයෙන් තමන්ට විශාල වගකීමක් පවතින බව  පැවසු අග්‍රාමාත්‍යවරයා  දේශිය ආදායම් ඉහළ නැංවීම සඳහා පියවර ගෙන ඇති බවයි කියා සිටියේ.

රට ණය බරින් නිදහස් කර ගැනීම සඳහා ආදායම් ඉහළ නැංවීමට පියවර ගත් සේම විදේශ විනිමය ඉහළ දැමීම සම්බන්ධයෙන් ද කටයුතු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ අද (09) පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම  අදහස් පල කළා.

ඉකුත් මැයි මාසයේ දී දකුණු පළාතට බලපෑ ගංවතුර ආපදා තත්වයට මුහුණදුන් කුඩා තේ වතු හිමියන්ට වන්දි ප්‍රදානය කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා.