Saturday, December 28, 2024

General line - 0115112241

කිඹුලෙක් ආරුගම්බේදී දිය යටට ඩැහැගෙන ගිය 'බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියාගේ' සිරුර හමුවේ (PHOTOS)




ආරුගම්බේ එළිෆන්ට් රොක් ප්‍රදේශයේ දී කිඹුලෙකු විසින්   දිය යටට ඇදගෙන ගිය  බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදී පෝල් මැක්ලීන්ගේ සිරුර සොයා ගෙන තිබෙනවා.

25 හැවිරිදි ඔහු බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අනුයුක්තව සේවය කරනු ලැබුවා.

රළ මත ලිස්සා යාමේ  නිරත වී සිටියදී  ඊයේ (14) පස්වරු 3.30 ට පමණ කිඹුලකු ඔහුව  ඩැහැගෙන ගිය අයුරු පිරිස දැක තිබෙනවා.

පෝල් මැක්ලීන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පළමු පන්තියේ උපාධිධාරියෙකු ද වනවා.